කියන්නේ Affiliates program එකක්. ඒ කියන්නේ අතරමැදියෙක් හැටියට කටයුතු කිරීමක්. උදාහරණයක් කීවොත්. ගොවියෙක් මහන්සිවෙලා කුබුරු කොටලා "වී" නිපදවනවා. අතරමැදියෙක් ඒ "වී" අරගෙන ගිහින් කොටලා හාල් කරලා, පැකට් කරලා කඩේට දානවා. ඉතුරු ටික කඩේ මුදලාලිට බාරයි. අපිට කරන්න තියෙන්නේ අර අතරමැදියා කරපු වැඩේ. මේකේ විශේෂත්වය තියෙන්නේ මුදලාලි හාල් විකුනපුවාමයි අතරමැදියාට ගානක් ලැබෙන්නේ, ඒ වගේම අතරමැදියා හා ගොවිරාළ අතර මුදල් ගනුදෙනුවක් වෙන්නේ නෑ. ඒ කියන්නේ අතරමැදියා ශත පහක්වත් වියදම් නොකර ගානක් කඩාගන්නවා කියන එක.
අපි එහෙනම් කතාවට බහිමුකෝ. ClickBank කියන්නේ මෙහෙම එකක්;
මේක ප්‍රධාන පියවර 3කින් විස්තර කරන්නම්
Step 1: Join ClickBank (ගිනුමක් සාදා ClickBank සමග එකතු වීම)
Step 2: Find Products to Promote (කඩේට දාන්න හොද භාන්ඩයක් සොයා ගැනීම)
Step 3: Promote the Affiliate HopLink (හොයාගත්ත භාන්ඩය විකුනාගැනීමට ක්රමෝපායන් යෙදීම)
කීයක් හොයාගන්න පුලුවන් වෙයිද?
සැහෙන ගානක්. අපි විකුනන භාන්ඩයකින් 10- 75% ක් දක්වා කොමිස් එකක් හම්බෙනවා. භාණ්ඩයෙන් භාණ්ඩයට මේක වෙනස් වෙනවා. සාමනයෙන් අපි විකුනන්න හදන්නේ $10- $100 දක්වා වගේ භාණ්ඩ. ගණන් හදලා බලන්නකෝ.
එහෙනම් වැඩේට බහිමු;
අවශ්‍ය දේවල්;
* බ්ලොග් අඩවියක්/ වෙබ් අඩවියක්
* තරමක් දුරට ඉංග්‍රීසි දැනුම
* නිර්මානශීලීබව/ කපටිකම/ දිනකට පැයක පමණ කාලයක්
අපි එකින් එක බලමු;
ගිනුමක් සාදාගැනීම








මේක ClickBank ගැන ලියන අන්තිම ලිපිය. මේකෙන් කියන්නේ අර අපි කලින් හදාගත්ත ටොපි සුද්දන්ට කවන්න විවිධ ක්‍රම සහ විධි ගැනයි. ගොඩක් අය හිතුවට මේවා විහිලු වැඩ කියලා, ඒ අයගේ අවබෝදය මදිකම මිස වෙන දෙයක් නෙවේ. eMoney ගැන රහ වැටුනම තේරෙයි. මේකේ ගොඩක් දුර යන්න පුලුවන්. ගූගල් එකේ "How to Earn Online" කියලා සර්ච් කරලා හෙම්බත් වෙලත් නැතෑ. හේතුව මොකුත් නෙවේ, එක් ක්‍රමයක් අහුවුනොත් ඒක හැමෝටම කියලා වර්චස් කරගත්තොත් ඒ හොයාගත්තු කෙනාටත් ඒකෙන් ප්‍රතිලාභයක් ගන්න බැරිවෙනවා. මොකද, ඔලුව දාගන්න දුන්නාම, ඇගත් දාගන්න මිස්සුනේ ඉන්නේ. ජංජාලේ මිල මුදල් සෙවීම ගැන මම ගොඩක් හොයලා බලලා තියෙනවා. කඩ්ඩ ගොඩක් බැරිවුනත්, ලියලා තියෙන දේ තේරුම් ගන්න බැරිකමක් නෑ. අපි බලමුකෝ. මංහිතුනොත් ලිපි ටිකක් දාන්නම්. මේවා ඉතින් වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන වැඩ. හරි කමක් නෑ, කතාවට බහිමු,මෙන්න මම යෝජනා කරන ක්‍රම;
01. Discussion boards/ forums
02. Facebook/ Twitter and Other Social Networks
03. බ්ලොගයක් හෝ වෙබ් අඩවියක් මගින්
01. Discussion boards/ forums
මේක භාන්ඩ විකුනා ගැනීමට තියෙන සුපිරිම ක්‍රමයක්. ඔබට තියෙන්නේ මේ අඩවි වල රෙජිස්ටර් වෙලා, ලිපි ලියන්න හෝ කොමෙන්ට් දාන්න. මොනවා හරි ගැන ලිපියක් ලියලා, අන්තිමේට අපේ භාන්ඩය ගැන පොඩි විස්තරයක් ලියලා ලින්ක් එක දානවා. එහෙමත් නැත්නම් වෙන කවුරුහරි ලියලා තියෙන ලිපියකට කොමෙන්ට් එකක් දානවා. මේකට අපි තුන්වන ලිපියේ හදාගත්තු ටොපිය හොදටම ප්‍රමානවත්. මම නිර්දේශ කරනවා මේ වෙබ් අඩවි;
http://forums.digitalpoint.com/
http://www.squidoo.com/
http://hubpages.com/
http://answers.yahoo.com/
http://www.blackhatworld.com
http://www.neowin.net/forum/
http://forums.ivillage.com/
http://boards.askmen.com/
http://forum.triphp.com/
02. Facebook/ Twitter and Other Social Networks
ට්විටර් භාවිතාකරලා ටොපිය බෙදාහරින හැටි 3 ලිපියේ කීවානේ. ඒ වගේම තමයි ෆේස්බුක් හා වෙනත් සමාජ ජාලා වෙබ් අඩවි වලත් කරන්නේ. මේකට වෙනම එකවුන්ටස් හදාගත්තොත් හොදයි. ඒ කියන්නේ ලංකාවේ යාලු ම්ත්‍රයෝ නැති සුද්දෝ විතරක් ඉන්න එකවුන්ට්. ෆෑන් පේජ් හදාගැනීමත් හොදයි.
03. බ්ලොගයක් හෝ වෙබ් අඩවියක් මගින්
මේකට එල වැඩක් තියෙනවා. ClickBank මගින් දීලා තියෙනවා, අමතර පහසුකමක්. ඒකට කියන්න HopAd Builder කියලා. ඒකෙන් එයාලා පහසුකම් සලසනවා විජෙට්ටුවක් විදියට අපේ ලින්ක්ස් ටික හදාගන්න. මේකේදී අපි දෙන්න ඕනේ Keywords විතරයි. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි,රූපයේ තියෙන විදියට කරපුවාම හරි,
පියවර 1
