iWriter කියන්නේ සල්ලි ගහක්. එක එක ප්‍රමානයේ ගෙඩි තියෙනවා. අපට කරන්න තියෙන්නේ තමන්ට හැකි ප්‍රමාණයේ ගෙඩි කඩාගෙන කන්න. නිකන් කාලා බෑ, කඩුවෙන් කොටලයි කන්න ඕනේ. ගිය දවස් ටිකේ ලොකු ලොකු ගෙඩි ටිකක් මං කඩාගත්තා. ඔන්න පල්ලෙහා දාලා තියෙනවා බලන්නකෝ.
iWriter හි යාන්ත්‍රනය
Freelancer Writing වෙබ් අඩවියක්. වචන 300, 500 හා 700 ලිපි ලියන්න පුලුවන් ඒ ලිපි වලට $2 සිට $5 දක්වා මුදලක් ගෙවනවා. වෙබ් අඩ්විය ගන්නේ ඉතාම සුලු මුදලක්, 10% ක් විතරයි. ලෝකේ ඕනෑම කෙනෙකුට ලිපි ලියන්න පුලුවන්. සමහර ලිපි හොද නැත්නම් Reject කරනවා. එතකොට හුලං තමයි. ගොඩක් ලියන්න දෙන්නේ තාක්ශනික ලිපි. අන්තිමට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි පුලුවන්නම් ගොඩ තමයි කියලා.
ගෙවීම් ලබන්නේ කොහොමද?
පොඩි පරහකට තියෙන්නේ මේක තමයි. පේපැල් හරහා ගෙවීම් කරන්නේ. අපිටනම් ඉතින් හොර පේපැල් ගිනුමක් හදාගන්න වෙනවා. ඒකෙන් මොනවාහරි බඩු මුට්ටුවක් ගෙන්නගන්න තමයි වෙන්නේ. Min Cash-out එක $20 යි. සතියකට, සති දෙකකට, මාසෙකට සැරයක් ගෙවීම් ලැබෙන විදියට Settingsහදාගන්න පුලුවන්.
iWriter හි නීති හා රෙගුලාසි
1) Signup, Write, Withdraw මේ හැම දේම FREE.
2) ලියන සියලුම ලිපි Copyscape පාස් විය යුතුයි (Uniqueness Score ~ 75%).
3) තුන් වතාවක වඩා Copyscape Fail වුවහොත් ගිනුම අවලංගු කරනු ලැබේ.
3) මාතෘකාවට අදාලව Keywords සහ අදාල වචන ගන්න තිබිය යුතුයි.
4) පැය 2ක් තුලදී ලිපිය සම්පූර්ණ කල යුතුයි.
5) Reject කලහොත් දුක තමා විදගත යුතුයි.
ඔන්න එහෙනම් වැඩේට බහිමු
පියවර 1
http://www.iwriter.com වෙත පිවිසෙන්න. "Register" බොත්තම ඔබා ඔබේ තොරතු ඇතුලත් කර Sign Up වන්න. ඊමේල් ලිපිනයට යවන ලින්ක් එකෙන් ගිනුම වෙරිෆයි කරන්න.

පියවර 2
Login වූ පසු දිස්වන්නේ මෙහෙමයි. කොටස් පහලින් හදුන්වන්නම්.
A = නව ලිපි ලිවීමට පිවිසුම
B = ඔබගේ ගිනුමේ Settings හැදීමට පිවිසුම
C = ඔබගේ ලිපි පිලිබද අන් අයගේ අදහස් දැක්වුම හා Rating
D = මුදල් ගෙවීම්, ලැබීම්
පියවර 3
දැන් අපි හදන්නේ මුදල් ගෙවීම් පිලිබද Settings හදන්නයි. ඔබේ User Name එක ක්ලික් කරන්න.


පියවර 4
ඔන්න දැන් හදන්නේ අලුතින් ලිපියක් ලියන හැටි කියලා දෙන්න.

"2" බොත්තම ක්ලික් කරපුවාම ඔය මෙනුව පහලට ඇදෙනවා. ඊටපස්සේ තියෙන කොටස් පහලින් හදුන්වන්නම්.

1) ප්‍රධාන මාතෘකාව
2) තිබිය යුතු වචන ගනන
3) සම්පූර්ණ ලිපියකට ගෙවන මුදල
4) ලිපි ගොනුවේ ඇති සම්පුර්ණ ලිපි ගනන
5) දැනට ලිවීමට ඉතිරි ලිපි ගනන
6) දැනට ලියමින් පවතින ලිපි ගනන
7) අවසාන විනිශ්චයට යවා ඇති ලිපි ගනන
පියවර 5
ඉහල රූපයේ කොටු කර ඇති බොත්තම ක්ලික් කලාම පහල තියෙන විදියට Text Box එකක් ඒවි. පහල රතුපාටින් සලකුනු කර ඇති දේවල් පිලිබද සැලකිලිමත් වන්න
"Current Word Count" යන්න ඔබේ ලිපියේ දැනට ඇති වචන ගානයි. කළු පාටින් කොටු කර ඇති බොත්තම් මගින්, Cancel / Submit කරන්න පුලුවන්.

මුදල් ගෙවීම් ලැබුනු පසු. පහල රතුපාටකොටුව තුල ඇති බොත්තම ඔබලා බලාගන්න පුලුවන්,

ඔන්න ඉංගිරීසි ටිකක් පුලුවන් කොරගෙන ඩොලර් කොල ලේසියෙන් හොයන හැටි මේ ලිපියෙන් කියලා දුන්නා. goarticles.com හා ezinearticles.comකියන වෙබ් අඩවි පීරලා හා Google එකේ සර්ච් කරලා ලිපි වලට කරුනු හොයාගන්න පුලුවන්.
ඉහත රූපයේ තියෙන්නේ කඩ්ඩෙන් කොටා ඩොලර් ඉපයීම යටතේ ඔබට iWriterහිදී නිම කළ හැකි ජොබ් පිලිබද Screenshot එකක්.පේනවානේ අපිට කරන්න තියෙන්නේ වචන 500-1000ක් රචනයක් ලියන්න.ඔබට පේනවා ඇති ඒ අනුව අපිට පැය 2කට $14ක් කියන්නේ රු:130X14 = රු:1820ක් උපයන්න පුලුවන්.ඒ අනුව පැයකට ඔබට අන්තර්ජාලය හරහා රු910ක් උපයන්න පුලුවන්.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට පැය 8 බැගින් දින 20ක් වැඩ කරලා රු32,000ක් ඉපයුවොත් ඔහුගේ පැයක ආදායම රු200කි.සිතන්න මෙන්න නියම ක්‍රම අන්තර්ජාලයෙන් උපයන්න.මම දන්නවා ඔබට ඉංග්‍රීසියෙන් ලියන්න බැරි බව.නමුත්ඔහොම ඉන්න.මම ඉංග්‍රීසි ලිපි මාලාවක් ලියනවා.ඒ ලිපි සරල මට්ටමේ සිට සංකීර්ණත්වයට යන ආකාරයට ලියන්නේ.ඒ අනුව ඔබට ඉංග්‍රීසි ව්‍යාකරණ වලට අනුකූලව ඉංග්‍රීසියෙන් ලිපි,රචනා,ලියුම් ඇතුලුව සියලුම දේ ලියන හැටි කියලා දෙන්නම්.එතකොට ඒ දවසට මේ කියන දෙය ජයගන්න ඔබට හැකි වේවී.එලෙසමFiverr වලත් මේ පැත්තෙන් හොද ගානක් හොයා ගන්න පුලුවන් වේවී.
01.ඇයි අපිට ඉංග්‍රීසියෙන් ලිවීම තුලින් මුදල් උපයන්න පුලුවන්?
ඒකට දෙන්න තියෙන සරල පිලිතුර තමා සුද්දෝ ඉංග්‍රීසි දන්නේ නැති නිසා.සුද්දෝ උන්ගේ මව් භාෂාව නිසා ඉංග්‍රීසි කථා කළාට උන් ලියන්න දන්නේ නැහැ.ඒ වගේම උන් හරි කම්මැලියි.(සියලුම සුද්දෝ නොවේ)අනික උන්ට අදහස් නැහැ.නැත්නම් ලංකාවේ ඔක්කොම එවුන් සිංහල කථා කළාට උන් පොත් ලියනවාද?ලිපි ලියනවාද?ඒ වගේ තමා සුද්දොත්.ඔය සුද්දෝ ඉංග්‍රීසි කථා කළාට අපිට පුලුවන් උන්ව කොර කරන්න.උදාහරණයකට අපි සිංහල පොතක් කියවන කොට ඒකේතියෙන සමහර වචන වල අරුථ දන්නේ නැහැ.ඒ වගේම තමා සුද්දෝ.දන්නේ වචන සුලු ප්රමාණයකි.නමුත් අපේ උන් ගාව නැති ගති ගුණ සුද්දා ගාව තියෙනවා.අපි කාට හරි මෙහෙම කිව්වොත් "මම හෙට ඉස්කෝලේ යමු" කියලා කිව්වොත් ඌ බඩ අල්ලගෙන බඩ පැලෙනකල් හිනා වෙනවා.මූ මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා අපිව පාච්චල කරනවා.නමුත් සුද්දා එහෙම නැහැ.සුද්දා අපිට කිසියම් දෙයක් වැරදුනොත් ඌ ඒක හරියට කියලා දෙනවා.කොහොම උනත් මම ලිපි 30කින් විතර සාර්ථකව ලිපියක් ලියන හැටි කියලා දෙනවා.ඒ වගේම වෙනම ලිපි 10කදී ඉංග්‍රීසියෙන් ලියවී ඇති දෙයක් සිංහලට පරිවර්ථනය කරන ආකාරයත් සිංහලෙන් ඇති දෙයක් එලෙසින්ම ඉංග්‍රීසියට පරිවර්ථනය කරන ආකාරයත් iWriterහි ලිපියක් ලියන ආකාරයත් Video මගින් පැහැදිලි කරනවා.
දැන් තේරෙනවානේ Emoney කියන එක ලේසි දෙයක් නොවන බව.අලුතින් කවුරුහරි සිමෙන්ති අනන්න ගියාම(මේසන් බාස්ගේ ගෝලයාට) ගියාම එයාට ඒක අමාරු කාර්යයක් ලෙස දැනෙනවා.ඇග පත රිදෙනවා.හරිම මහන්සියි.නමුත් එයා ඒක දිගටම වසර කිහිපයක් කරන කොට එයාට ඒකේ කිසි අමාරු කමක් තේරෙන්නේ නැහැ.එයා ඒකට අනුවර්තනය වෙලා.එයාට ඒක තරම් ලේසි කාර්යයක් නැහැ.ඒක නිසා ඔබත් දැන් අලුතින් යන මේසන් බාස්ගේ ගෝලයා වගේ.ඔබ කළ යුත්තේ අත්දැකීම් එකතු කර ගැනීමයි.එවිට ඔබට Emoney කියන එක ලේසි දෙයක් ලෙස පෙනේවී.ඒ අනුව Emoney කියන එක එක්දින පාඨමාලාවකින් හදාරා නිම කළ නොහැකි බව පෙනෙනවා ඇතිනේ.ඒක නිසා ඔබ කළ යුත්තේ පුලුවන් තරම් අත්දැකීම් එකතු කර ගනිමින් එය කාලයත් එක්ක කර ගෙනයාම.එතනයි සාර්ථකත්වය තියෙන්නේ.ගොඩක් අය මගෙන් අහනවා ඔයා කොහොමද මෙච්චර දේවල් දැන ගත්තේ කියලා.ඒකට මට දෙන්න තියෙනපිලිතුර තමා මම කිසිම එක්දින පාඨමාලාවකට ගියේ නැහැ.

0 comments:
Post a Comment