Pages

Monday, August 25, 2014

පේපැල් ගැන නොදන්නා දේ

මේ ලිපි මාලාව Beginners  එහෙමත් නැත්නම් නවකයන් හට පහසුවක් වීම සදහායි ලියන්නේ. සල්ලි හොයන්න කියලා දුන්නාට වැඩක් නෑඒවා ගෙන්නන්න කියලා දුන්නේ නැත්නම්.  ගොඩක් අය දන්නේ නැතිකම නිසා මිල මුදල් නාස්ති කර ගන්නවානේ.

මේ ලිපි මාලාවේ මූලික පරමාර්ථ:

  • පේපැල් හි නීති සරලව කියාදීම.
  • පේපැල් සහ ලංකාව අතර ගනුදෙනු පැහැදිලි කිරීම.
  • මුදල් ගෙවීම් ලැබිය හැකි පෙපැල් ගිනුමක් සාදන ආකාරය / වෙරිෆයි කිරීම.
  • පේපැල් මගින් මුදල් ගෙවීම්ලැබීම් කරන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
  • පේපැල් මුදල් ඇලට්-පේ එකට දාන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් ගෙන්වන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් Payoneer කාඩ් එකකින් රුපියල් බවට හරවන ආකාරය.
  • පේපැල් සදහා ආදේශක වෙබ් අඩවි.
හා වෙනත් බොහෝ දේ.

PayPal ඩොට් com

eBay කවුරුත් දන්න වෙබ් අඩවියක්.  මේ වෙබ් අඩවිය සදහා මුදල් ගෙවීම් කිරීමලැබීම සදහා eBay විසින්ම සාදනු ලැබූ වෙබ් අඩවියක් තමයි පේපැල් කියන්නේ. VISA, MASTER, AMEX කාඩ් හරහා බැංකුවක ඇති මුදල් eBay එකට ලබාදීමමූලිකව මේ වෙබ් අඩවිය හරහා සිදුවෙනවා. 1998 බලවත් රටවල් කීහිපයකට සීමාවී ආරම්භ වුවත්අද වන විට රටවක් ඉතා ස්වල්පයකට හැර අනිත් සියලු රටවලට මෙහි සේවාව ලබා දෙනවා. මෙහි මූලික ක්‍රියා පටිපාටි කිහිපයක් තියෙනවා. ඒවානම් Send, Receive, Withdraw.

Send = ඕනෑම VISA, MASTER, AMEX  ාඩ් එකක හෝ පේපැල් ගිනුමේ ඇති මුදල් වෙනත් පේපැල් ගිනුමකට යැවීම.

Receive = ඕනෑම VISA, MASTER, AMEX  ාඩ් එකක හෝ පේපැල් ගිනුමකින් එවන මුදල් තමන්ගේ පේපැල් ගිනුමට ලබාගැනීම.

Withdraw = පේපැල් ගිනුමේ ඇති මුදල් කාඩ් එකකටබැංකු ගිනුමට හෝ චෙක්කුවක් මගින් ගෙන්වාගැනීම.

පේපැල් හි නීති සරලව

  • එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් පේපැල් ගිනුමක් පමනයි (Personal Account). එහෙත් ව්‍යාපාරය සදහා  තවත් එක් පේපැල් ගිනුමක් තබා ගත හැකියි (Business Account). වෙනත් පේපැල් ගිනුම් මුදල් සමග අවලංගු කරනවා.
  • සෑම පේපැල් ගිනුමකටම සීමාවක් පනවා තියෙනවා( $100-$500 ), ඒ සීමාව ඉවත් කිරීමටනම් වෙරිෆයි කල යුතුයි.
  • මේ සදහා, VISA, MASTER, AMEX  කාඩ් වලින් එකක් හෝ බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි.
  • Send only / Send and Recive only / Send , Recive and Withdraw ලෙස කණ්ඩායම් තුනකට සියලු රටවල් වෙන් කර තියෙනවා. අවාසනාවට ලංකාව Send only කණ්ඩායමේ සිටින්නේ. මේ පිලිබද වැඩිදුර තොරතුරු https://www.paypal.com/worldwide/
  • එක් පේපැල් ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.
  • යම් අවස්ථාවක මුදල් ගෙවීම් පිලිබද පැමිනිල්ලක් වාර්තා වුවහොත් තමාගේ පේපැල් ගිනුමේ අයිතිය හා පදිංචිය තහවුරු කලයුතුයි. මේ සදහා ID Card Copy, DHL Reports, Bank Statements, Bills හා වෙනත් ඔවුන් ඉල්ලන සියලු දේ අප විසින් සැපයිය යුතුයි නැතහොත් අපේ පේපැල් ගිනුම Limitකරනවාඑවිට Send & Withdraw කිරීම අවලංගු වෙනවා. මෙය සම්පූර්ණ ගිනුම අවලංගු කලා හා සමානයි.

පේපැල් සහ ලංකාව

කලින් කීවා වගේ ලංකාව Send only කණ්ඩායමේ ඉන්නේ. අපේ රටේ විදියට හදන පේපැල් ගිනුම් වෙරිෆයි කලත් නැතත් මුදල් ගෙවීම් ලබන්න බෑ. යම් වෙබ් අඩවියකින් අපේ පේපැල් ගිනුමට මුදල් Withdraw කලවිට ඒ මුදල් අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ Vanish වෙනවා. ඒ වෙබ් අඩවි වලින් ඇත්තටම මුදල් එවනවා. ඒත් පේපැල් අපේ මුදල් හොරකම් කරනවා කීවොත් මම නිවරදියි කියලා හිතනවා. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන.

මුදල් ගෙවීම් ලබන්න බැරි වුනාට අපේ අහිංසක රටේ තියෙන මුදල් එයාලා පිට රටවලට අදිනවා. ඒ කියන්නේ VISA හෝ MASTER කාඩ් එකක තියෙන මුදල් පේපැල් හරහා වෙනත් රටකට යවන්න පුලුවන්. ඒක තමයි අපි ඊ-බොක්කෙන් බඩු ගෙන්නනවා කියලා කරන්නේ. ඒත් මේ කුමන්ත්‍රණ ගැන ඔය ලොකුයි කියාගන්නාවූ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කණස්සල්ලට හේතුවක්. ඒත් එයාලා ඒ වෙනුවට එහෙන් ගෙන්වන භාණ්ඩ වලට මෙහෙන් බදු ගහලා මේ අහිංසක මිනිස්සුන්ව තවත් තලලා දානවා.




දන්නා පේපැල් ගැන නොදන්නා දේ | PayPal 2

  මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ අති සාර්ථක ලෙස මුදල් ගෙවීම් ලැබීමටමුදල් ගෙවීම් කිරීමට හැකියාව ඇති හා කාඩ් එකකට ලබාගත හැකි පේපැල් ගිනුමක් හදහ හැටි. ඒ වගේම හැමෝම ගහන මැලෙසියන් බයිලේ නෙමේ මං ගහන්න යන්නේ.

මූලික ක්‍රියා පටිපාටිය හා උපදෙස්

[#] මුලින්ම දැනගන්න ඕනේඅපි මේ කරන්නේ නීති විරෝදී ක්‍රියාවක්.
[#] අපි පේපැල් ගිනුමක් හදන්න යන්නේ වෙනත් රටක ඉදලාදැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] "පේපැල් හි නීති සරලව" පලමු ලිපියෙන් කියාදුන් පරිදියම් හෙයකින් අපේ පේපැල් ගිනුම limit කලහොත් අපි අපේ අනන්‍යතාවය තහවුරු කල යුත්තේවෙනත් රටක ඉදලා දැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] ඒ වගේම ඔබේ පේපැල් ගිනුම හැකි තරම් අඩුවෙන් භාවිතා කරන්න.
[#] eBay ගෙවීම් සදහා භාවිතා නොකරන තරමට හොදයි. ( eBayට වඩා මිල අඩුවෙන් භාණ්ඩ හා සේවා ලබාගත හැකි ස්ථාන මම පෙන්වන්නම්)
[#] IP/Proxy Hide මෘදුකාංග කිසිම දෙයක් මේ සදහා භාවිතා කරන්න එපා.
[#] දැනටමත් ඔබට පේපැල් ගිනුමක් තිබේනම්නව පේපැල් ගිනුමක් සෑදීමට පෙර පරිඝනකය Format කිරීම නුවනට හුරුයි.
[#] කිසිම විටෙක පේපැල් ගිනුම් දෙකකට එකම පරිඝනකයක් හරහා ලොග් වන්න එපා.

මේ කියන්න යන්නේ අමතර කාරනයක්. ඒත් ඒක මේ දේටත් වැදගත් වෙනවා. අපි දැනටමත් දන්නවා සයිබරය රජ කරගෙන සිටින වෙබ් අඩවිඋදාහරනයක් කීවොත් ගූගල්අමේසන්පේපැල් වගේ ඒවා. මෙයාලා අපේ කොම්පීතරේ ඇතුලේ Flash Cookies කියලා ජාතියක් හංගනවා. ඒ හංගන්නේ එයාලගේ වෙබ් අඩවි වල security level එක ඉහලින් තියාගන්න.  Flash Cookies  වල අපේ සියලුම account info, usernames, ip වගේ තොරතුරු ඇතුලත් වෙනවා. මේයාලා මේ Cookies හංගන එක අපිට නවත්වන්න බෑ. ඒත් හංගපුවා ඉවත් කරන්න පුලුවන්.

Better Privacy කියන ඇඩෝනය ගිනි නරියාට දාගන්න

Flash Cookies  යින් කරන්නේ මෙහෙමයි

Firefox--> Add-ons

 

හා බොත්තම් පිලිවෙලින් ඔබන්න

 

ඒ වගේම මේ ඇඩෝනයේ settings පහත ආකාරයට හදලා තියන්න. බොත්තම ඔබා පහත ලෙස සකසන්න.



සර්ව සම්පූර්ණ පේපැල් ගිනුමක් සැදීම

එහෙනම් අපි වැඩේ පටාං ගමු. ඔයාලට පහල දක්වලා තියෙන රටවල් වලින් ඕන එකක හැටියට පේපැල් ගිනුමක් හදන්න පුලුවන්. ඒක ඔබේ කැමැත්ත.

Malaysia
Indonesia
Philippine

පියවර 1

https://www.paypal.com/ වෙත පිවිසෙන්න.
 පහත රූපයේ ආකාරයට තමා කැමති රට ‍තෝරන්න.







 

පියවර 2
 
Nationality යන්නට Sri Lanka ලබා දෙන්න.
 අනෙකුත් සියල්ලට ඔබේ නිවරදි තොරතුරු ලබා දීම අනිවාර්යයි. රතු පාටින් ලකුනු කර ඇති කුඩා කො‍ටුවේ tickලකුන ඉවත් කරන්න.



පියවර 3

 ගිනුමක් හදලා ඉවරයි. වෙරිෆයි කිරීමට ක්‍රම දෙකයි. එකක් VCC. අනෙක ලංකාවේ බැංකුවකින් නිකුත් කරන වීසා කාඩ් එකක්. මේ සදහා "බැංකු ගිනුමකට" ලැබෙන වීසා කාඩ් එකක් වෙන්න ඕනේ (මුදල් ගෙවීම් ගිනුමට බැරවෙන නිසා). කෝල් කරලා PayPal verification කෝඩ් එක ඉල්ලාගන්න පුලුවන් බැංකුවක් වෙන්නත් ඕනේ. ඒ වගේම පෞද්ගලික බැංකුවක් වෙනවානම් ගොඩක් හොදයි. Hatton National BANK වගේ. Sampath Bank වල online payment සපෝට්කරන බැංකු කාඩ් තාම නැහැ. තියෙන්නේ Web කාඩ් එක විතරයි. ඒකට අපිට මුදල් withdraw කරන්න බැහැ.

ලංකාවේ Visa කාඩ් එක ලින්ක් කරලා කාඩ් එකට සල්ලි දාන හැටි.

VCC එකක් මිලදී ගැනීමට.

අපි හිතමුකෝ අපිට බැංකු ගිනුමක් නෑ. වීසා කාඩ් එකකුත් නෑ කියලා. ඒ වගේම නීති විරෝදී වැඩ වලට අකමැති කෙනෙක් කියලා. අපිට පුලුවනි සල්ලි චෙක්කුවකින් ලංකාවට ගෙන්වාගන්න. පේපැල් හරහානම් නෙවේ වෙනත් ක්‍රම වලින්. තව විදියකට කීවොත් පස්ස දොරෙන්.

පේපැල් ගිනුමක් වෙරිෆයි කිරීමට අවශ්‍යමද?

අවශ්‍යම නෑ. වෙරිෆයි නොකර $100~500 දක්වා ගනුදෙනු කරන්න පුලුවන්. ඒක රටින් රටට වෙනස් වෙනවා. ඒත් eBay එකෙන් භාන්ඩ ගන්න බෑ. බොහෝවිටsellers ලා වෙරිෆයි කරන ලද පේපැල් ගිනුම් වලිනුයි පේමන්ට් ඉල්ලන්නේ. ඒත් වෙරිෆයි නොකරන ලද පේපැල් ගිනුම් වලින් බඩු ගන්න පුලුවන් වෙබ් අඩවි තියෙනවාඉදිරියේදී ඒ ගැන සම්පූර්ණ ලිපියක් ලියන්නම්.






මේ ලිපියෙන්  VCC හා පේපැල් වෙරිෆයි කිරීම හා තවත් බොහෝ දෑ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.  ඉස්සරෝම ඉස්සරලා ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගෙන්වාගැනීම පිලිබදව කතාකරමු.

ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගන්න එපා

අපි මේ කරන්නේ නීති විරෝදී වැඩක්. හරිසල්ලි එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලාඑතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "බුදු අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?කාඩ් එකට සල්ලි ආවේ කොහොමද කියලා බැංකුව දන්නවා. ඒ වගේම පේපැල් ලංකාවට මුදල් එවන්නේ නෑ කියලත් බැංකුව දන්නවා. අපි පිට රටක ඉදන් ආවේ කියලා බැංකුවට ඔප්පු කරන්න විදියකුත් නෑ. මොකද අපි හැමෝටම ‍ටුවරිස්ට් වීසා නෑ නොවැ. නීති මගට බැස්සොත් ගස් තමයි. ඔන්න එතකොට අටේ නිව්ස් වලටත් කියයි, "අන්තර්ජාලය මගින් මුදල් වංචා කල අයෙකු දැලේ" කියලා. හා........ බය වුනාද?

දුර දිග හිතා බලලා වැඩ කරනවා කියන්නේ මේක තමයි. ඉතින් අපි බැංකු ගිනුමට සල්ලි නොදා ඉමුකෝවැඩේ ඉවරයිනේ. වෙනත් ක්‍රම වලින් සල්ලි ගෙන්නමු. චෙක්කු වලින් හෝ පේනියර් කාඩ් එකෙන්. ඒ ක්‍රම අපි අනිවාර්යෙන්ම කතා කරමු. උපදේශයක් විදියට කියන්නේබැංකු කාඩ් එකට මුදල් withdraw කරන්න එපා කියලා. ඒත් වෙරිෆයි කිරීමට පමනක් යොදාගත්තට කමක් නෑ.

Virtual Credit Card ගැන වැඩිදුරටත්

දෙවෙනි ලිපියේ VCC ගැන ටිකක් කීවා. මේ ඉතුරු ටික. මේක තමයි පේපැල් ගිනුමකට දාන්න පුලුවන් විස්වාසවන්ත වගේම ලාභදායීම වීසා කාඩ් එක. දැනට $8කට මිලදීගන්න පුලුවන් www.vcc-market.com වෙබ් අඩවියෙන්. ගෙවීම් කල පසු පසු ඔබේ ඊ මේල් ගිනුමට පැය 12ක් ඇතුලත පහත සදහන් දේ ලැබෙනවා.මෙහි පේපල් ගිනුමට ඇතුලත් කර ගැනීමට අවශ්‍ය $2 ක මුදල ඇතුලත්.

• 16 Digit Virtual Credit Card Number
• 3 Digit CVV2/CVC2 Code Number
• Expiry Date (**/****) mm/yyyy

පේපැල් වෙරිෆයි කෝඩ් එක ඉල්ලන්න ඒ තොරතුරු ලැබෙන ඊමේල් ලිපිනයටම රිප්ලයි කරන්න.


VCC එක Expire වෙනවද?

ඔව්. VCC එකක් වලංගු වෙන්නේ මාස තුනයි. ඒත් පේපැල් ගිනුම එකපාරක් වෙරිෆයි කලාම VCC එක Expire වුනා කියලාපේපැල් ගිනුම නැවත Unverifiredවෙන්නේ නෑ. ඒ කියන්නේ ජීවිත කාලයටම පේපැල් ගිනුමක් වෙරිෆයි කිරීම සදහා වැයවන්නේ $8 යි කියන එක.


පේපැල් ගිනුමක් සෑදීම සාරාංශය කීවොත් මෙහෙමයි

01. Malaysia, Indonesia, Philippine රටවල් තුනෙන් එකක විදියට ගිනුම හදන්න.
02. තමා ගේ නම් ගම් ඇතුලු සියලු තොරතුරු සත්‍ය තොරතුරු ලබාදෙන්න
03. VCC එකකින් වෙරිෆයි කරන්න.

 මං හිතන්නේ නෑ දැන් ගිනුමක් හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා කියලා. සියලුම ගැටලු සාකච්ඡා කලාමීට වඩානම් තේරෙන්න කියලා දෙන්න මං දන්නේ නෑ. මේ හැම ගැටලුවක්ම ලංකාව "Sent Only" කණ්ඩායමේ සිටීම.


Limit  රනවා කියන්නේ මොකක්ද?

මුල් කාලයේ මම eMoney වලට බහිනකොට මේවා කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. අතේ තියෙන සල්ලි නාස්ති කරගෙනඅත්දැකීම් ලබමින් මේවා ගැන ටික ටික ඉගෙනගත්තා. මුලින්ම මම පේපැල් ගිනුමක් හැදුවේමගේ නමින් නෙවේ වෙනත් නමකින්වෙනත් රටක් ලිපින දාලා. අමාරුවෙන් එකතු කරගත්ත$140 ක්හා-හාපුරා කියලා පේපැල් ගිනුමට දාලාඊ බොක්කෙන් පුන්චි අයිටම් එකක් මිලදී ගත්තා. ඔන්න පහුවදා බලනකොට මෙහෙමයි තිබුනේ,
 

ඔයාලට පේනවා ඇති රතු පාටින් ගහලා තියෙන දේ. ලිමිට් කරපුවාම වෙනදේ පහතින් බලන්න.



ඔය වැඩේ වුනේ මෙහෙමයි. පේපැල් ගිනුමේ තියෙන නමට නෙවෙයි Ship කරන්නේ. ඇඩ්‍රස් එකත් වෙනස්. වෙලෙන්දා උඩ බිම බැලුවාපේපැල් එකට දැන්වුවා. මගේ ගිනුම ලිමිට් කලා. සල්ලි යවන්න බෑ. කාඩ් එකට ගන්නත් බෑ. එහෙම පේපැල් ගිනුමකින් වැඩක්ද?
පේපැල් මේ ගහපු ගැටේ ලිහාගන්න නම්,

Proof of Address
Credit Card Statement
ID Copy
Home Bills
DHL Reports

ඇතුලු දාහක් දේවල් ඉල්ලනවා. ඔයාලට තේරෙනවනේ මේක අපිට කරන්න බැරි වැඩක් කියලාපේපැල් ගිනුම හැදුවේ හොරටනේ. දැම්මේ වෙනත් ඇඩ්‍රස්,වෙනත් නම්. මොනවා කරන්නද $140 "ටීක්...." ගහගනින් කියලා ආවා එන්න.

දැන්වත් පිලිගන්නවද සුද්දෝ අහිංසක මිනුස්සුන්ගෙන් මුදල් හොරකම් කරනවා කියලාසමහරු කියනවා චී...චී... මල්ලි බබාපේපැල් එහෙම කරන්නේ නෑ. පේපැල් හොදා...යි කියලා. එහෙම උදවියට ඉතින් කියන්න තියෙන්නේ, "ලන්දේසිපෘතුගීසිඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවට ඇවිල්ලා නිකම්ම ඉන්නත් නැතිව ඇතිනේ නේද" :P

Limit කෙරුවොත් මොකද කරන්නේ?

කරන්නේ මේකයි. තමුන්ගේ පාස්පෝට් එක ස්කෑන් කරලා. පේපැල් ඇඩ්මින්ට ලිපියක් ලියනවාමං වෙනත් රටක හිටියේඒත් දැන් ලංකාවේ ඉන්නේ. මට අන්තර්ජාලයේ මගේ ව්‍යාපාර කටයුතු කරගන්න මට පේපැල් ගිනම යථා තත්වයට පත්කරලා දෙන්න කියලා.

පාස්පෝට් එකක් නැත්තං කරන්නේ,  වෙනත් කාගේ හරි පාස්පෝට් එකක් උස්සලාස්කෑන් කරලාඒකේ තියෙන සියලුම තොරතුරු පොටෝෂොප් වලින් තමාගේ තොරතුරු බවට හරවලාඅර විදියට ලිපියක් ලියලා යවන එක.



Paypal වල සල්ලි ලංකාවට ගෙන්වා ගන්නේ කොහොමද?.....


Paypal 
වල සල්ලි ලංකාවට ගෙන්වා ගන්න අපි එක එක ජගිරිබිරිස් ක්‍රම භාවිතා කරනවා.සමහරු Odesk Profile දෙකක් හදලා මාරු කරනවා.සමහරු Forex Flatformවලට Upload කරලා මාරු කර ගන්නවා.තව ගොඩක් අය HNB or HSBC වැනි Card එකකට ගන්නවා.මේක ගැන එක එක අය අහනවා.ඒ ගැන පොඩ්ඩක්කියන්නම්කෝ.Paypal වල කිසිම තැනක සදහන් වෙලා නැහැ අපිට වෙන රටක විදියට ගිණුමක් හදන්න බැහැ කියලා.ඒක නිසා අපේ අය කරන්නේ මැලේසියන් විදියට Paypal එකක් හදලා ඒක HNB හෝ HSBC Card එකක් හරහා Verify කරලා ඒකට Withdrawal කරන එක.මේක තාම කරන්න පුලුවන්.ඒත් බැංකුවෙන් ඇහුවොත් කොහොමද මේ සල්ලි Card එකට ආවේ කියලා එතකොට තමා කෙල වෙන්නේ.මොකද බැංකුව දන්නවා ලංකාවේ අයට Paypal වල සල්ලි එන්නේ නැති බව.එතකොට හොර විදියට හැදුවා කියන්නද?ඒ වගේම මේ විදියට තව වැඩි කලක් ගෙන්වන්න වෙන්නේ නැති පාටක් තමයි මට පේන්නේ.මොකද කවුරු හරි කෙනෙක් HNB Card Center එකට කථා කරලා ඔය මැලේසියන් විදියට හදන සීන් එක ගැන උන්ගෙන් අහලා.එතකොට තමයි උන් මේක ගැන දැනගෙන තියෙන්නේ.ඉදිරියේදී මේ පිලිබද ක්‍රියාමාර්ගයක් ගනීද දන්නේ නැහැ.
HNB ඩෙබිට් කාඩ් එක පේපෑල් සමග භාවිතා කරන හැටි.



Payoneer MasterDebit කාඩ් එක මඟින් PayPal Verify කරන්න

PayPal Verification With Payoneer
PayPal කියන්නේ ලෝකයේ වැඩියෙන්ම අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු වන Online Payment Processor එකක්. නමුත් අපිට මේකේ සමහර Features ගන්න නම් Verify කරන්න ඕනා. ඉතින් මේ ලිපියෙන් PayPal Verify කරන හැටි ලියන්නම්. මං කලින් Payoneer Master කාඩ් එකකට Apply කරන විදිහ ලියපු ලිපියේ කිව්වා PayPal වල සම්පූර්ණ පහසුකම් ලංකාවට ලැබිලා නැහැ කියලා. ඉතින් මේ PayPal Account එක Verify කලා කියලා වත් අපිට ඒ දේවල් ලැබෙන්නේ නෑ. නමුත් PayPal Verify කරාම යම්කිසි දේවල් ටිකක් ලැබෙනවා.

Why Should You Verify..?

Verify කරාම ලැබෙන වාසි මොනවද කියලා කියන්නම් දැන්,
  • eBay භාණ්ඩ ගන්න පුලුවන් වීමසමහර Sellersලා Verify කරපු PayPal Account වලින් විතරයි ගණුදෙනු කරන්නේ.
  • PayPal Account එකට Verified Status එක ලැබීම.
  • Buyer කෙනෙක් විදිහට Sellerගේ විශ්වාසය ලැබීම.
  • Seller කෙනෙක් විදිහට Buyerගේ විශ්වාසය ලැබීම.
  • Payment එක කරද්දී Recipientගේ Account එක Verified නැද්ද කියලා බලාගන්න පුලුවන්.
  • ඔයාට මුදල් ආවාමඑවපු කෙනා Verified නැද්ද බලාගන්න පුලුවන්.
  • PayPal Community එක තුල විශ්වාසනීයත්වය ලැබීම.
  • PayPal Account එකේ Sending Limits නැතිවීම– PayPal Account එකකින් යවන්න පුලුවන් උපරිම ගානක් තියෙනවාඒක නැති වෙනවා Verify කරාම.
  • බැංකු ගිණුමට, Visa Debit/Credit Card වලට මුදල් ගෙන්වගන්න පුලුවන්.
  • ඕනෑ තරම් මුදල් යවන්නත්(Sending), ගෙන්වන්නත්(Receiving) පුලුවන් වීම.
හිතුවට වඩා වාසි තියෙනවා ඔයා PayPal Account එක Verify කරාම. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ PayPal Account එක Verify කරගන්න. ඔයාට තියෙන්නේ ලංකාවේ PayPal Account එකක් උනත් කමක් නෑමොකද ඔයා eBay එහෙම Shopping කරන්න තෝරගන්නවනම් Verified PayPal එකක් තියෙන එක හොදයි.
ඔයාට PayPal Account එක Verify කරන්න කිසිම ගානක් යන්නේ නෑ, PayPal එකෙන් Verification එක කරන්නේ නොමිලේ. නමුත් එයාලා ඔයා සම්බන්ධ කරනCredit/Debit Card හෝ බැංකු ගිණුමෙන් පොඩි මුදලක් ගන්නවාඔයා Add කරපු ඒවා Validද කියලා බලන්න. ඒත් ඒක ආපහු ඔයාටම එවනවා.

PayPal Verification Guide With Payoneer MasterCard

PayPal එකට Credit/Debit කාඩ් Add කරලා Verify කරන්න පහසුකම් දීලා තියෙන නිසාඔයාට පුලුවන් ඔයාගේ Payoneer Master Debit Card එක PayPal Accountඑකට Add කරලා Verify කරගන්න. PayPal එකෙන් පිළිගන්න Credit/Debit කාඩ් වර්ග තමයි,
  1. Visa Credit/Debit.
  2. MasterCard Credit/Debit.
  3. AmEx Credit/Debit.
  4. Discover Credit/Debit.
ඔයා සමහරවිට Credit, Debit කාඩ් ගැන නොදන්නවත් ඇති. Debit කාඩ් එකක් කියන්නේ ඔයාට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්නමුත් මේ කාඩ් එකේදී ඔයාට ණය නෙමෙයි ලැබෙන්නේ. ඔයාගේ බැංකු ගිණුමෙන් තමයි මේ කාඩ් එකට මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා Debit Card එකක් පාවිච්චි කරනවා නම් ඒවගේම ඒක පාවිච්චි කරලා මොනාහරි දෙයකට මුදල් ගෙව්වොත් එහෙම මුදල් අඩු වෙන්නේ ඔයාගේ බැංකු ගිණුමෙන්. බැංකු ගිණුමේ මුදල් නැති උන ගමන් ඔයාට Debit Card එකෙන් ගෙවන්න බැහැ. ඒත් PayPal මුදල් එහෙම ගෙන්වන්න පුලුවන්. Credit කාඩ් එකක් කියන්නේ ණයට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්. මේකේදී ඔයාට ණය දෙන ප්‍රමාණයක් තියෙනවාඒක තීරණය වෙන්නේ ඔයාගේ අදායම මත. මේකට ඔයාට මුදල් ගෙන්වන්නත් පුලුවන් ඒක Visa Credit Card එකක් නම්.
දැන් ඔයා Payoneer Debit Card එක දාලානේ Verify කරන්න යන්නේඔයා PayPal Account එක Payoneer MasterCard එක දාලා Verify කරාට ඔයාට මුදල් ගන්න බැහැ. මොකද ඒක Visa Card එකක් නෙමෙයිඒක MasterCard එකක්. ඒ නිසයි ඔයා කොච්චර Payoneer Card කාඩ් එක Add කරන්න ගියත් Add වෙන්නේ නැත්තේ. PayPal එකෙන් මුදල් Withdraw කරන්න ඉඩදීලා තියෙන්නේ Visa කාඩ් වලට විතරයි. නමුත් ඔයාට පුලුවන් අර කිව්ව ඕනම කාඩ් එකක් Add කරලා,
1.    Verify කරගන්න.
2.    Pay කරන්න.
ඔයාට PayPal මුදල් Withdraw කරන්න ඕනනම් ඒකට බැංකු ගිණුමක් Add කරාම හරි, PayPal එකෙන් ගොඩක් රටවල ගිණුම්වලට US Bank Accountsපිළිගන්නවා Withdrawal වලට. ඒක ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් ලියන්නම්.මං දැනටමත් PayPal Verify කරලා තියෙන නිසා ටිකක් වෙනස් විදිහකට තමයි කියලා දෙන්නේ. හරි එහෙනම් Verify කරන විදිහ කියන්නම්.
PayPal Account එකට Sign In වෙන්න.
මේ Page එකට යන්න මෙහෙම My Account » Profile » Add/Edit Credit Card.
Card Type එකෙන් MasterCard එක තෝරන්න.
නමකාඩ් නම්බර් එකකාඩ් එක Expire වෙන දිනය, CVV එක ලියන්න.
Billing Address එකත් ලියන්න.
Add Card ඔබන්න.
PayPal Verification With Payoneer
PayPal Card Add Page
ඔයාට ඔය දේවල් හොයාගන්න පුලුවන් කාඩ් එකේ පිටිපස්සෙනුයිඉස්සරහා පැත්තෙනුයි. ඒ වගේම මේවත් මතක තියාගෙන වැඩේ කරන්න පටන් ගන්න.
ඔයා PayPal එකට Add කරනකොට ඔයාට කාඩ් එකේ Surname එක වෙනස් කරන්න බැහැ ඔයාට ඕන විදිහටඒ නිසා ඔයා PayPal Account එක හදනකොට අනිවාර්යයෙන් Last Name එකට ඔයාගේ Surname එක දාන්න. කොහොමහරි ඔයාගේ PayPal Account එකේ හෝ කාඩ් එකේ Surname එක සමාන නොවුනොත්Add කරන්න බැරි වෙයි.
ඔයාට Payoneer MasterCard එකේ Number එක කාඩ් එක ඉස්සරහ පැත්තේ හොයාගන්න පුලුවන්. ඒක ඉලක්කම් ගානේ 16 තියෙන එකක්. මේ නම්බර් එකට යටම තියෙනවා කාඩ් එකේ අයිතිකරුගේ නමඅන්තිමට තියෙන්නේ Surname එක.
Card එක Expire වෙන දිනය තියෙන්නෙත් කාඩ් එක ඉස්සරහ පැත්තේ කාඩ් නම්බර් එකටයි අයිතිකරුගේ නමටයි මැද.
CVV එක කියන්නේ කාඩ් එකේ Security Number එකක්. ඒක තියෙන්නේ කාඩ් එක පිටිපස්සේ අත්සන් කරන්න තියෙන තැන. එතන දකුණු අත පැත්තේ ඉලක්කම් 19 නම්බර් එකක් තියෙනවාඒ නම්බර් එකේ අන්තිමට ඉලක්කම් 3ක් විතරක් ඇතිඒක තමයි කාඩ් එකේ CVV එක.
ඔයා PayPal Account එක හදලා තියෙන්නේ වෙනත් රටක විදිහට උනත් කාඩ් එකේ Billing Address එක ලියන්න ඕනා ඔයාට කාඩ් එක ආපු Address එක. රට වෙනස් කරන්න බැහැ ඒත් අනිත් ඒවා හරියට දාන්න.
හරි දැන් ඔය විදිහට කාඩ් එක Add කරාම Verify වෙන්න ඕනාමං දැන් ගොඩක් කාලයක් වෙනවා Verify කරලා


1 comments:

  1. Paypal වල ඇති මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට
    http://www.ngadgetsonline.com/

    ReplyDelete